රටට ඇඳිරි නීතිය නිසා උතුරේ ජනතාව ගොඩක් පීඩා විඳිනවා! උතුරේ ජනතාවට වහාම සහන දෙන්න! – විග්නේශ්වරන්

March 30, 2020 at 2:59 pm | by emanisa.lk

කොරෝනා වෛරස අවදානම හේතුවෙන් දින ගනණාවක් යාපනයට නොකඩවා ඇඳිරි නීතිය පැනවීමත් උතුරේ සෙසු දිස්ත්‍රීක්ක සඳහා කඩින්කඩ ඇඳිරිනීතිය පැනවීමත් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන ලෙසට උතුරු පළාත් හිටපු පධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව පවසා ඇති අතර එහිදී වැඩි දුරටත් සඳහන් වන්නේ ඇඳිරිනීතිය හේතුවෙන් උතුරේ දෛනික ඉපයීම් සිදු කල බොහෝ ජනතාවක් මේ වන විට දැඩි ආර්ථික පීඩාවනට මුහුණ දී ඇති අතරම එම ජනතාවට ජීවිත්වීමට අවශ්‍ය ආහාරපානද සපයාගැනීමට නොහැකි වාතාවරණයක් එලඹී ඇති බැවින් පළමුව එම ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා ලෙසට රජයට හෝ වෙනත් සංවිධානයන්ගෙන් ඉල්ලා සිටිති.

එමෙන්ම උතුරේ ජනතාවගේ වැඩි පිරිසක් විරැකියාවෙන් පෙලෙන අතර දෛනිකව කුලීවැඩක් හෝ වෙනත් යමක් කොට ජීවත්වූ බැවින් පවතින් ඇඳිරිනීතිය හමුවේ එම ජනතාව මහත් සේ පීඩාවට පත්ව සිටින බැවින් රජයේ නිලධාරීන් හෝ ස්වේච්ඡා නිලධාරීන් අදාල පිරිස් සොයා ඔවුන්ට සහන සැලසීමේ පියවරක් ආරම්භ කරන ලෙසටද සී.වී. විග්නේශවරන් වැඩි දුරටත් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස