කොරෝනා වසංගය මැද සේරිවාණිජලා වැඩට බසී! රු. 10ට ගත් බෝංචි කිලෝව රු.50ට විකුණති!

April 9, 2020 at 10:56 am | by emanisa.lk

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන ඊයේ (08 වැනිදා) දහවල් වසා දැමීමත් සමග එළවළු ව්‍යාපාරිකයන් ගොවීන්ගේ එළවළු අඩු මිලට මිලදී ගැනීමේ ජාවාරමක නිරත වූ බව ගොවීහු කියා සිටිති.

කැප්පෙටිපොළ ප්‍රදේශයට දකණු පළාතේ සිට පැමිණ සිටි එළවළු ව්‍යාපාරිකයන් රැසක් ගම්වලට ගොස් එළවළු අඩු මිල ගණන්වලට මිලදී ගෙන තිබේ. මෙම ව්‍යාපාරිකයන් ගොවීන්ගෙන් බෝංචි කිලෝග්‍රෑමයක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 10.00 ක් වැනි අඩු මුදලකටය.

මේ අතර මැනිං වෙළෙඳපොළේ ඊයේ බෝංචි කිලෝවක් රුපියල් 40.00, 50.00 කටද, කැරට් කිලෝවක් රුපියල් 100.00 කටද, ලීක්ස් කිලෝවක් රුපියල් 80.00 කටද අලෙවි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස