රට පුරා මාස්ක් මුවාවෙන් පෝසටර් බෙදයි! කොරෝනා බිය මැද ජනතාව නොසන්සුන් කරන තැතක්! ජවිපෙ වැඩක් බවට චෝදනා! (Photos)

March 23, 2020 at 4:46 pm | by emanisa.lk

රට පුරා ජනතාව අතර පෝස්ටර් බෙදා හැර ඒවා ඡායාරූපගත කර සමාජමාධ්‍ය ඔස්සේ ආණ්ඩු විරෝධී ජනමතයක් ඇති කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි ඉහළ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනතාවට මුහුණු ආවරණ බෙදන මුවාවෙන් මෙම පෝස්ටර් බෙදාහැර ඇතැයි වාර්තා වෙයි. ආණ්ඩුව ජනතාවට ලබා දුන් විවිධ සහනාධාර සමාජ වෛරයක් මතු වන ආකාරයට මෙහිදී ප්‍රශ්න කරනු දැකගත හැකිය.

අඩු ආදායම්ලාභීන්ට සහනාධාර ලබා දෙනු! ව්‍යාපාරිකයන්ට ලබා දුන් ණය සහන තමන්ටත් ලබා දෙනු ආදී පාඨ එකම හැඩයේ අකුරුවලින් මෙම පුවරුවල ලියා තිබේ.

ජනතානට සහන ලබා දෙන මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ රතු තරුව සංවිධානය සහ ජවිපෙ සාමාජිකයන් පිරිසක් මෙම කටයුත්ත මෙහෙය වන බව සමාජමාධ්‍ය වාර්තා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස