පිරිසක් කොරෝනා වසංගතය විකුණාගෙන කද්දී ගම්මු බෙදන හාල් තුනපහ ටිකටත් සම්මාදම් වන බෝසත් අම්මා! (video)

April 8, 2020 at 11:37 pm | by emanisa.lk

කොරෝනා වසංගතය සමග රට පුරා ජනතාව ලක්ෂ ගණනින් දැඩි ආර්ථික අපහසුතාවලට ලක්වන්නට වූ අතර තවත් පිරිසක් තමන්ට හැකි පමණින් එම ජනතාවට පිහිටවන්නට ඉදිරිපත් වූහ.

එසේ යම් ගමක දුගී අම්මා කෙනෙකුට ආධාර බෙදන්නට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පිරිසක් වෙත තමන්ට හැකි පමණින් ආධාර කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.

තමන් වෙත රැගෙන ආ ආධාර මල්ල විශාල බවත් එයින් ටිකක් තමන්ට ප්‍රමාණවත් බවත් පවසන මේ අම්මා අවසානයේ එම පිරිසට පවසන්නේ තමන්ගේ පුංචි මුදලට මේ වැඩසටහන සඳහා යොදා ගන්නා ලෙසය. මේ අවස්ථාවේ තමන්ට දීමට කිසිවක් නැතැයි ඈ පවසන්නේ මහත් සංවේගයෙනි.

කොරෝනා වසංගතය මැද වැඩ මිලට විකිණීම සඳහා භාණ්ඩ සඟවන, නරක් වූ සහ කල් ඉකුත් වූ ආහාර විකුණන වෙළඳුන්, වංචාකාරී ලෙස අතිකාල දීමනා ලබන රාජ්‍ය සේවකයන්, සියල්ල නිකන් ලබා ගැනීම සඳහාම බලා සිටින මිනිසුන් බහුල රටකට මේ අම්මා ලබා දෙන ආදර්ශය සමාජමාධ්‍යවල බෙහෙවින් වර්ණනාවට ලක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස