දෙවියන් වහන්සේ මා ආරක්ෂා කරනවා! ඒ නිසා බය නැතිව දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට ආවා! – වසාදැමූ අකුරණ ගමේ මුදලාලිලාලා

April 1, 2020 at 8:54 am | by emanisa.lk

කොරෝනා ආසාදිතයෙකු හමුවූ අකුරණ ප්‍රදේශයේ විශාල ව්‍යාපාරික පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බව එහි ව්‍යාපාරිකයන් පවසන්නේ යැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර තිබේ.

කොරෝනා ආසාදිත අකුරණ රෝගියාගේ ගම්මානයේ පුද්ගලයකු ඊයේ (31) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය ඔහුගෙන් කරනු විමසා තිබිණි.

එහිදී ඔහු පවසා ඇත්තේ ‘අපට කිසිම අයුරකින් බිය වීමට කරුණක් නැහැ. දෙවියන් වහන්සේ මා ආරක්ෂා කර දෙනවා. කිසි බියක් නොගෙන ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියා’යනුවෙනි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් පවසන්නේ තමන් මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳාම් කටයුතු කර සිදු කරන්නේ මහත් බියකින් බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයකුද මේ වන විට අකුරණ ප්‍රදේශයේ පදිංචි ආසාධිත රෝගියා ඇසුරු කිරීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් ව්‍යාපාරිකයෝ පවසති.

මහනුවර අකුරණ ගම්මානය මේ වන විට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි වන ආකාරයට වසා දමා ඇති පසුබිමක මේ ආකාරයට අකුරණ පුද්ගලයන් පැමිණියේ කෙසේ ද එම මාධ්‍ය හෙළිකර නොතිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස