අපි කිව්වේ පඩි වැඩිකරන්න නෙමේ වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩල දිරිගන්වන්න කියලා! – GMOA

January 29, 2020 at 10:41 am | by emanisa.lk

මේ වන විට ශ්‍රී ලංකාවේද අසාදිත කොරෝනා වෛරස් රෝගියකු හමුවීම තුළ තම සංගමය රජයෙන් ඉල්ලා සිටියේ වෛද්‍යවරුන් සඳහා දිරි දීමනා හෝ ආර්ථික ලාභ නොව වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ධෛර්යමත් කිරීමේ ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.න

මුත් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තම සංගමය දැඩිලෙස විවේචනය කිරීම පදනම් විරහිත බව පෙන්වාදෙන වෛද්‍යවරයා, වෛද්‍යවරකු සුළුවෙන් හෝ දිරිගැන්වීම තුළ මෙම ගැටලුකාරී තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට හැකිවනු ඇති බවද පවසා සිටී.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍යවරයා මෙසේ ද කීය.

‘‘මෙම මඩ ප්‍රහාරය දියත් කර දේශපාලන වාසි ගන්න බලාගෙන ඉන්නවා. ආනයනික කිරිපිටි සමාගම් මේ පිටුපස ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපේ සටන මෙයින් නතර වෙන්නේ නෑ. සමහර දේශපාලන පක්ෂත් මීට අනුග්‍රහය දක්වමින් සිටිනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස