කොරෝනා හැදුණොත් හැංගිලා බේරෙන්න බෑ! රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මනින් ප්‍රතිකාර ගන්න! රෝගීන්ට ප්‍රතිකාර මිස දඬුවම් කරන්නේ නෑ! කොරෝනා ගැන ඔබ දතයුතු සියල්ල මෙන්න! – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන (video)

March 21, 2020 at 8:17 am | by emanisa.lk

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පවුලේ ආර්ථික කටයුතු විමසිලිමත්ව කරන අතර සමාජීය ක්‍රියාකාරකම් සියල්ල නතර කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

කිසිවකු රෝග ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවත් එසේ නොකර සැඟව සිටියහොත් මිය යනු ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

රෝගීන්ට දඬුවම් කරන බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යයතාවක් නොමැති බවත් රෝගීන්ට ප්‍රතිකාර මිස දඬුවම් නොකර බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඒ සඳහා කොළඹ IDH රෝහල ඇතුළු රට පුරා රෝහල් 24ක් සූදානම් කර ඇති බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

කොරෝනා රෝග තත්ත්වය පාලනය කර ගැනීමට අප අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු ආදී බොහෝ කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරේ…

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස