එජාපයෙන් බෞද්ධයන් රවටන්න අලුත් සැලසුමක්! මහ ඡන්දෙට ප්‍රාදේශීය බෞද්ධ නායකයන්!

January 24, 2020 at 7:59 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය එළඹෙන මහා මැතිවරණයේ අපේක්ෂක ලැයිස්තුවලට ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය බෞද්ධ නායකයන් සහ දානපතියන් පිරිසක් එකතු කර ගැනීමේ සැලසුමක් දියත් කර තිබේ.

සිය බෞද්ධ ඡන්ද පදනම ජනාධිපතිවරණය අවස්ථාවේ දැඩි ලෙස කඩා වැටීම එයට හේතුවයි.

එජාප නායකයකු වන වජිර අබේවර්ධන පවසන පරිදි උතුරු නැගෙනහිර ඡන්ද නොලැබෙන්නට සිය පක්ෂය ලබන්නේ ලක්ෂ 22ක පරාජයකි.

එහෙත් මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය වෙනම තරඟ කරන නිසා බෞද්ධ ජනතාව කෙසේ හෝ සමීප කර නොගතහොත් අන්ත පරාජයක් ලැබීම නොවැළැක්විය හැකි බව එජාපයේ තක්සේරුව වී ඇත.

මේ සඳහා විසඳුමක් ලෙස යෝජනා වී ඇත්තේ පන්සල් යෑම, බෝධි පූජා පැවැත්වීම සහ බෞද්ධ ප්‍රභූවරුන් මැතිවරණයට ඉදිරිපත් කිරීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස