භික්ෂූන්ට අපහාස කළ මංගල එජාපයෙන් දොට්ට! එසැණින් එක්සත් ජාතීන්ගේ මහ පුටුවක්!

December 9, 2019 at 10:18 pm | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණු මාතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඉතා ළඟදීම දේශපාලනයෙන් විශ්‍රාම ගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානම තනතුරක් සඳහා යෑමට සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළවේ.

මංගල සමරවීරට ලැබීමට නියමිත මෙම තනතුර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ධූරවලට ලැබෙන බලතල හා සමාන එකක් බව වාර්තා වේ.

එම පත්වීම් ලිපිය ලැබුණු විගසම ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරණයේදී හා ඉන්පසුවත් සමරවීර බෞද්ධ භික්ෂුව දැඩි ලෙස විවේචනයට ලක් කිරීම මත එක්සත් ජාතික පක්ෂයද බරපතල අර්බුධයකට මුහුණ දී සිටියි.

මේ නිසා ඔහුට ඊළඟ මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදිය යුතු බවටද එජාපයේ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස