මහ ඡන්දෙට එජාපයට නායකත්ව මණ්ඩලයක්! මණ්ඩලේ නායකත්වය බෞද්ධ පදනම වැඩි කරන්න කරූට!

December 13, 2019 at 8:13 am | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව නායකත්ව මණ්ඩලයක් ඇති කොට බෞද්ධ පදනම වර්ධනය කළ හැකි කථානායක කරු ජයසූරියට එහි ප‍්‍රධානත්වය භාරදිය යුතු බවට ද යෝජනා වී ඇතැයි එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෙක් හෙළි කර ඇත.

වත්මන් නායක රනිල් වික‍්‍රමසිංහට සහ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසට ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට නායකත්වය භාර දෙනවා වෙනුවට නායකත්ව මණ්ඩලයක් ඇති කොට මැතිවරණයට ඉදිරිපත් වීම පක්‍ෂයට වාසිදායක බව ඔවුනගේ අදහස් වී තිබේ.

එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස්දෙනකු පමණ අද (13) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස