මංගල රංජන් එජාපයෙන් කැපෙයි! මහ ඡන්දෙට ටිකට් නෑ!

December 4, 2019 at 10:49 am | by emanisa.lk

එළඹෙන මහා මැතිවරණයට හිටපු ඇමති මංගල සමරවීරට සහ රංජන් රාමනායකට තරඟ කිරීම සඳහා අවස්ථාව නොදී සිටීමට එජාප කණ්ඩායමක් සැලසුමක් දියත් කර තිබේ.

ඒ අනුව මහා සංඝ රත්නයට අපහාස කිරීමට එරෙහිව මංගල සමරවීරට එරෙහිව විනය පියවර ගත යුතු බව සජිත් ප්‍රේමදාස පාර්ශවයේ පිරිසක් යෝජනා කර තිබේ.

කෙසේ වුවද මංගල සමරවීර දැනටමත් ඉදිරි මැතිවරණයට තරඟ නොකිරීමට තීන්දු කර ඇත. එළඹෙන ඡන්දයේදී මාතර එජාප මන්ත්‍රී පිරිස 2කට හෝ 3කට සීමා වන පසුබිමක බුද්ධික පතිරණ, සාගල රත්නායක සමග තරඟ කර ජයගැනීම පහසු නැති වීම එයට හේතුව බව සඳහන්ය.

මේ අතර රංජන් රාමනායකට ද අපේක්ෂකත්වය ලබා නොදීමට තීන්දු කර ඇති අතර ඔහු ස්වාධීනව තරඟ කිරීමට තීන්දු කර තිබේ.

එහි අරමුණ වී ඇත්තේ එළඹෙන මැතිවරණයේ දී එජාපයට සිංහල බෞද්ධ ඡන්ද ආකර්ශනය කර ගැනීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස