භික්ෂූන්ට දේශපාලනය අකැපයි! ඒක එජාප ප්‍රතිපත්තියයි!

March 18, 2019 at 8:24 pm | by admin

භික්ෂූන් වහන්සේලාට දේශපාලනය අකැප බව සිය පක්ෂයේ ප්‍රතිපත්තිය බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

බලංගොඩ සමනලගම ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ දහම් පාසලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් ඇය වැඩි දුරටත් මෙසේ පැවසුවාය.

“පසුගිය දවසක මුළු රටේම චෛත්‍ය 25 ක් ඉදි කරන කටයුතු ආරම්භ කළා. අපි විරුද්ධ පක්ෂයේ හිටපු කාලයේ කරපු ඒවා සමහර අය දන්නේ නැහැ.රජයක් හැටියට කරන දේවල් සමහර අය දන්නේත් නැහැ. එක්සත් ජාතික පක්ෂයට හා රජයට නිරන්තරයෙන් චෝදනා කරනවා අපි බෞද්ධ ආගම ආරක්ෂා කරන්නේ නැහැ බෞද්ධයින් ආරක්ෂා කරන්නේ නැහැ කියලා. විහාරස්ථානයට මුල් තැන දෙන්නේ නැහැ කියලා.”

“අපේ පක්ෂයේ ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි. ස්වාමීන් වහන්සේලාට දේශපාලනය අකැපයි කියලා. අපි භික්ෂූන් වහන්සේලාට ක්‍රියාකාරී දේශපාලනයට කිසිම මැතිවරණයකට නාම යෝජනා ලබා දෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ස්වාමීන් වහන්සේලාගේ ගරුත්වය මේ දරා ගෙන ඉන්න චීවරයට ලබා දෙන ගරුත්වය ආරක්ෂා කිරීමේ උවමනාවයි.”

“අපි බෝඩ් එකට සීමා වෙච්ච බෞද්ධයෝ නොවෙයි. නම ගහ ගන්ඩ විතරක් සීමා වෙච්ච බෞද්ධයෝ නොවෙයි. බෞද්ධ ධර්මය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ජීවත් වෙච්ච පිරිසක් විදිහටයි මම මේ ටික කිවුවේ. නොයෙකුත් මත ගෙනියනවා මැතිවරණයක් ආවහම සිංහල බෞද්ධකම ඉස්සරහට දා ගෙන ගම්වල ජීවත් වන අහිංසක ඔබ ඒකේ ඇත්ත තත්ත්වය දන්නේ නැහැ. අද මේ අලුතෙන් පටන් ගත්ත දෙයක් නෙවෙයි” යනුවෙන් පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස