අවුරුදු 26ක් එජාප නායකයා රනිල්! ඒත් එජාපය බලයේ හිටියේ අවුරුදු හයයි!

January 11, 2020 at 12:11 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ වසර 26ක් එජාප නායකත්වයේ සිටියද එජාපයට රටේ බලය රඳවා ගැනීමට සමත් වූයේ වසර හයහමාරක් පමණක් නිසා තවදුරටත් පක්ෂය අරාජිකත්වයට පත් නොකර නායකත්වයෙන් ඉවත්ව යන ලෙස එජාප ජ්‍යෙෂ්ඨයන් වන රංජිත් මද්දුමබණ්ඩාර හා රවි සමරවීර මන්ත්‍රිවරු පසුගිය බ්‍රහස්පතින්දා (09දා)

පැවැති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී
වික්‍රමසිංහගේ මුහුණටම කියා තිබේ.

අජිත් පී. පෙරේරා මන්ත්‍රිවරයාද වික්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත් වන්නැයි මෙහිදී පවසා තිබේ.
එජාපය මුල පටන්ම මෙරටේ මහ සඟරුවනට හිරිහැර කර අමනාප කරගත් බවත් පෙරහරවලට ගෙනගිය අලි පැටවුන් පවා රැගෙනවිත් පක්ෂයේ බෞද්ධ පදනම
විනාශ කරගත් බවත් රවි සමරවීර මන්ත්‍රිවරයා
චෝදනාත්මකව එහිදී සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස