ජනාධිපතිවරණයට ස්වාධීන කතානායක කරූ දානවා නම් ජවිපෙ එජාපයට සහාය දෙනවා කිව්වා! – ආශු මාරසිංහ ජවිපෙ රෙද්ද කඩයි… (video)

January 21, 2020 at 11:02 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව ප්‍රකාශ කළේ යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

කරූ ජයසූරිය ඉදිරිපත් කළේ නම් ඔහු ජයග්‍රහණය කරන්නේ යැයි තමා නොකියන බව සඳහන් කළ මන්ත්‍රීවරයා පක්ෂය මගින් සිදු කළ සමීක්ෂණවල දී ඉදිරියෙන් සිටියේ කරූ ජයසූරිය බවත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව වෙනත් සිංහල බෞද්ධ බලවේග ද කරූ ජයසූරියට සහාය ලබා දීමට සූදානම් වූ බව ද ආශු මාරසිංහ හෙළිදරව් කළේය.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමිනි.

කෙසේ වුවද එජාපයම නියෝජනය කරමින් එහි පැමිණ සිටි නලින් බණ්ඩාර පැවසුවේ ආශු මාරසිංහ පවසන්නේ බොරු බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස