ජනප්‍රිය ඇමතිවරුන්ට මඩගහලා වෛද්‍යවරු 07 දෙනෙක් ඡන්දේ ඉල්ලන්නයි හදන්නේ! මේ රටට ඕන කට නෙමේ මොළේ තියෙන පාලකයෙක් නිසා මම ජනාධිපතිවරණයට එනවා! – රාජිත

June 23, 2019 at 5:17 pm | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුප්පත් ජනතාවට සේවය කළ ජනප්‍රිය ඇමතිවරුන්ට චෝදනා කරන්නේ එළඹෙන මහා මැතිවරණයට වෛද්‍යවරුන් හත් දෙනෙකු ඉදිරිපත් කිරීමේ අරමුණින් බව ඇමති රාජිත සේනාරත්න පවසයි. මෙම පිරිස 75%ක් වන බෞද්ධ ඡන්දවලින් මැතිවරණය ජයගත හැකි යැයි විශ්වාස කරන බව ද හෙතෙම සඳහන් කළේය.

මතුගම නෑබඩ කළාපයේ සමෘද්ධි ප්‍රතිලාභීන් 352 කට හිමිකම්පත් ප්‍රධානය කිරීමේ උත්සවයකට අද (22) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ණයක්වත් ලබා දීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවත් වර්තමාන ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය ලබා දුන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කිසිවකු කියන දේ පිළිනොගන්නා ලෙසත් තමා හොඳට සොයා බලා පිිළිගත යුතු බවත් පැවසූ ඇමතිවරයා රටට උවමනා කටක් නොව මොළයක් ඇති නායකයෙක් බව ද තමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යැයි ඇතැමුන් කියන්නේ සෞඛ්‍ය සේවාව උදෙසා තමන් කළ සේවය නිසා බව ද සඳහන් කළේය.

තමා මුණ ගැසීමට ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් පැමිණ “ඔබතුමාට ඇති එකම ප්‍රශ්නය මුදල් නැතිකම නේද?”යි විමසූ බවත් “තියෙන විදිහට කරනවා.” යැයි තමන් උන් වහන්සේට පිළිතුරු දුන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පසුගියදා එජාප ජනාධිපති අපේක්ෂකයා කවුරු විය යුතු ද යන්න පිළිබඳ සිදුකළ සමීක්ෂණයක දී 18%ක් රාජිතට කැමැත්ත පළ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස