චූඩා මාණික්‍ය කියන්නේ ඔප දැමූ පළිඟුවක්! ඒක බිම තියෙද්දී පෝලීම් ගැහිලා වඳින්නේ මිත්‍යාදෘෂ්ටිකයෝ! – අශෝක් අබේසිංහ

December 7, 2019 at 10:40 am | by emanisa.lk

චූඩා මාණික්‍ය යනු ඔප දැමූ මැණිකක් බවත් එය කොතෙහි පැළඳීමට පෙර බෞද්ධයන් පෝලීම් ගැසී වැඳීම මිත්‍යාවක් බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

චූඩා මාණික්‍ය වන්දනා කළ යුත්තේ එය චෛත්‍ය මත තැන්පත් කිරීමෙන් පසුව බව අශෝක් අබේසිංහගේ අදහසය.

මෙවැනි කටයුතු තමන් බෞද්ධයකු ලෙස පිළිකුළෙන් යුතුව හළො දකින බවත් එවැනි පිරිස් ඕනෑම දෙයකට නම්මා ගත හැකි බවත් හෙතෙම පවසයි.

බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය එකිනෙක පටලවා ගත යුතු නැති බව ද මේවා පිළිබඳ කතා කිරීමට තමන් බිය විය යුතු නැති බව ද හිටපු ඇමතිවරයා සඳහන් කළේය.

පසුගියදා විකාශනය වූ හිරු බලය වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස