මහින්දගේ කාලේ ලෝක හොරෙක් යහපාලන යුගයේදී සිංහල බෞද්ධයකු වී හම්බන්තොටට සිමෙන්ති කම්හලක් ගෙනෙයි! මීට පෙර අගමැති මුල්ගල තැබූ හොරණ ටයර් කම්හලත් නන්දනගේ! (video)

March 26, 2019 at 12:41 pm | by admin

මහින්ද රාජපක්ෂගේ කළු සල්ලි සුදු කරන ව්‍යාපාරිකයකු ලෙස එවක විපක්ෂය විසින් නන්දන ලොකු විතාන දැඩි ලෙස විවේචනය කළේය. මහින්ද රාජපක්ෂගේ ගිණුම් තිබෙන්නේ නන්දන ලොකුවිතාන යටතේ බව ද එජාපය ජවිපෙ ප්‍රමුඛ විපක්ෂය දැඩි විවේචනයක් ගෙන ආවේ මෙම ව්‍යාපාරිකයා සොරෙකු ලෙස හඳුන්වමිනි.

කෙසේ වුවද හම්බන්තොට අලුතින් ඉදිකරන සිමෙන්ති කම්හලේ ආයෝජකයා ද නන්දන ලොකුවිතාන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර හෙළි කළේය. එදා මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ව්‍යාපාර කරන විට හොරා යැයි කී පුද්ගලයා අද සිංහල බෞද්ධ ව්‍යාපාරිකයකු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර චෝදනා කරයි.

ඍජු විදේශ ආයෝජන යැයි මුල දී හැඳින්වූ මෙම ව්‍යාපෘති ආයෝජනය දේශීය ව්‍යාපාරිකයකු විසින් දැරීම ද විශේෂත්වයකි. මෙයට පෙර හොරණ ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මුල්ගල තැබුවේ ද නන්දන ලොකුවිතානගේගේ ආයෝජනයක් බව පවසමිනි. එහෙත් තවමත් එම ටයර් කම්හල ඉදිවූයේ නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *