ඇල්පිටියේ අපේක්ෂිකාවකගේ වැසිකිලි ආධාර බෙදීම මැකො නවතයි!

October 11, 2019 at 7:06 am | by emanisa.lk

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද (11) පැවැත්වීමට නියමිතව තිබියදී ඊයේ දිනයේ වැසිකිලි ආධාර බෙදීමට පුද්ගලයන්ගේ තොරතුරු එකතු කළ ඇල්පිටිය බටුවන්හේන ප්‍රදේශයේ එජාප අපේක්ෂිකාවකට අවවාද කොට එම කටයුතු නතර කිරීමට මැතිවරණ කොමිසමේ නිලධාරීන් කටයුතු කර ඇත.

වැසිකිලි නොමැති අයට රු. 75000 බැගින් ආධාර ලබාදීමට ආණ්ඩුව තොරතුරු එකතු කර අැත්තේ මැතිවරණය පැවැත්වීමට පැය ගණනක් පමණක් ඉතිරිව ඇති නීතියටඅනුව සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කර ඇති පසුබිමකය.

එසේම තවත් ස්ථාන කිහිපයක එජාප ඡන්ද අපේක්ෂකයන් පැවැත් වූ නීතිවිරෝධී ජනහමු කිහිපයක් විසිරුවා හැරීමට ද මැතිවරණ කොමිසම කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස