සජිත් ඇල්පිටියේදී කුජීත කරන්න රනිල්ගෙන් ගුණ්ඩුවක්! සජිත් නායකකම ඉල්ලීම නිසා වැඩේ හබක් වෙයි!

September 7, 2019 at 11:42 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමාට ලබා දෙන්නේ නම් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීම භාරගැනීමට තමා සූදානම් බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසා තිබේ.

ඒ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමේ වගකීම සිය නියෝජ්‍ය නායකයා වෙත ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කිරීමත් සමගය.

අගමැති රනිල් මාලදිවයිනේ සිට මෙම තීන්දුව පක්ෂ සභාපති කබීර් හෂීම් වෙත දන්වා ඇති අතර කබීර් ඒ පිළිබඳ සජිත්ට පැවසූ අවස්ථාවේ සජිත් ඒ සඳහා තමන්ට පක්ෂ නායකත්වය අවශ්‍ය යැයි පවසා තිබේ.

කෙසේ වුවද මේ සමග අගමැති රනිල් සිය තීන්දුව හකුළා ගෙන ඇති අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පිළිබඳ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස