රනිල් නායකකමේ ඉන්න කල් ප්‍රාදේශීය සභාවක්වත් දිනන්න බෑ! සජිත් නායකයා කරලා අපේක්ෂකයා කළා නම් ඇල්පිටියත් දිනනවා! – දිලිප් වෙදආරච්චි

September 10, 2019 at 11:44 pm | by emanisa.lk

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස එජාප නායකත්වයට පත් කළහොත් තමන් නිසැක ලෙසම ඇල්පිටියේ කොළ කොඩිය ඔසවන බව ඇමති දිලිප් වෙදආරච්චි පවසයි.

ඇමති සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂක කළහොත් එජාපය නිසැක ලෙසම ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කර කොළ කොඩිය ඔසවන බවත් එසේ නොවන්නේ නම් තමන් ඇල්පිටිය ද පරාජයට පත්වන බවත් ඇමතිවරයා පවසයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා කර පක්ෂයේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

හම්බන්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස