ඇල්පිටිය පුංචි ඡන්දය කල් දැමීමටත් පොටක් පාදාගනී! මැ.කො. රැස් වී දින නියම නොකළ නිසා මූලික අයිතිවාසිකම් කැඩෙනවා! – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්….

September 17, 2019 at 4:39 pm | by emanisa.lk

ඔක්තොම්බර් මස 11 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු විසින් ගොනු කර ඇති අතර මෙම ජන්ද විමසීම සඳහා දින නියම කිරීම සිදු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බවට ඔවුහු චෝදනා කරති.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයින් සිව්දෙනා සහ ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා නම් කර ඇත.

මෙම මැතිවරණය 2017 වසරේ කැඳවනු ලැබූ නාම යෝජනා ලැයිස්තුව පදනම් කරගෙන මැතිවරණය නැවත පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බවට පෙත්සම්කරුවෝ පවසා සිටිති.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත  පසුගිය 30 වෙනිදා නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස