ආණ්ඩුවේ ඡන්ද භීතිකාව තව තවත් දරුණු වෙයි! ඇල්පිටිය පුංචි ඡන්දයත් කල් දමන සූදානමක්! ඡන්දයට එරෙහිව අධිකරණයට ගිය තිදෙනාම අලි!

September 18, 2019 at 12:39 pm | by emanisa.lk

2018 වසරේදී භාරගත් නාම යෝජනා අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මැතිවරණයක් පැවැත්වීමට ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරි ගන්නා උත්සාහය නීති විරෝධී සහ බලරහිත බවට තීන්දු කරන්නැයි අධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත.

එම ප්‍රාදේශීය සභා සීමාව තුළ පදිංචි ඡන්දදායකයෝ තිදෙනකු ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

ගනේගොඩ ඕපාත පදිංචි එස්.එම්. හෙෂාන් නයනජිත්, එස්.එම්. මලීෂා ඩිල්ෂාන්, ඇල්පිටිය තලගස්වෙල පදිංචි මෙලන් දේවින්ද අභයවර්ධන මෙහි පෙත්සම්කරුවෝ වෙති. තමන් තිදෙනාම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බවද පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට නාමයෝජනා භාරගෙන කලක් ගත වූවාට පසුව ඒ නාමයෝජනා යටතේම මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි කිසිවෙක් අපේක්ෂා නොකළ බවයි.

එදා මැතිවරණයට නාමයෝජනා භාරදුන්වා මෙන්ම අපේක්ෂකයන් කීපදෙනෙක් මේ වන විට මියගොස් ඇති ඡන්දදායකයන් විශාල පිරිසක් වෙනත් පළාත්වල පදිංචියට ගොස්, බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

අනිත් කාරණාව හැටියට පෙත්සම්කරුවන් පෙන්නා දෙන්නේ මැතිවරණ තේරීම් භාර නිලධාරීන් මැතිවරණය පැවැත්වීමට යන්නේ මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන්නේ නැතිව බවයි. ඒ නිසා මැතිවරණය පැවැත්වෙන බව දැනුම් දෙමින් ඔහු නිකුත් කළ ගැසට් නිවේදනයක්ද ඒ අනුව පැවැත්වීමට යන මැතිවරණයද බලරහිත වන බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

පසුගිය සමයේ සියලු පළාත් සභා ඡන්ද කල් දැමීමට ආණ්ඩුව ඉතාම සැලසුම්සහගතව කටයුතු කළ බවට බොහෝ පාර්ශව චෝදනා නඟයි. මෙවැනි පසුබිමක එළඹෙන ජනාධිපතිවරණය ද කල් දමා ගැනීමට ආණ්ඩුව කුමන හෝ කුමන්ත්‍රණයක් දියත් කරනු ඇතැයි විපක්ෂය සැක පහළ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස