මැතිවරණ නීති කඩන්න බෑ කියූ ගාල්ලේ රාජ්‍ය නිලධාරීන්ට මනූෂගෙන් දුෂ්කර පළාත්වලට මාරුවීම්!

September 13, 2019 at 10:46 pm | by emanisa.lk

ඇල්පිටිය ප‍්‍රදේශයේ පාසල්වල විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව කිහිපයක් ඇතුළුව ගාලු දිස්ත්‍රික්කයේ පැවැත්වෙන උත්සව ආවරණය කරන මෙන් හිටපු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති මනූෂ නානායක්කාර කළ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රතික්ෂේප කිරිම හේතුවෙන් නිලධාරින් පස් දෙනෙකු දුෂ්කර පළාත්වලට මාරු කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරින් පස් දෙනෙක් මෙසේ පොළොන්නරුව, දඹුල්ල, අනුරාධපුර ත‍ිරිකුණාමලය හා වවුනියාව යන ප‍්‍රාදේශිය කාර්යාලවලට මාරුකළ බවට මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.

පාසල්වල විද්‍යාගාර විවෘත කිරීම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විෂය පථයට අදාළ නොවන බවත් ඇල්පිටිය ප‍්‍රදේශය මැතිවරණ පූර්ව සමයක දේශපාලන මැදිහත්වීමකින් සිදුවන කටයුත්තක් ආවරණය කිරීම තමන් ප‍්‍රතික්ෂේප කළ බවත් මෙම මාරුව සඳහා හේතු වී ඇතැයි ඔවුහු පවසති.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාසල් සඳහා විගමනික ශ‍්‍රමික දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම් ආවරණය කරන මෙන් මුලින් නියෝග කොට තිබී ඇති අතර මැතිවරණයක් පැවැත්වෙන බැවින් වැඩි විස්තර දන්වන්නැයි ඉල්ලා සිටීමෙන් පසු පාසල් කිහිපයක නම් හා ඒවායේ විද්‍යාගාර විවෘත කිරීම් සිදුවන බවත් ඒවා ආවරණය කරන ලෙස නියෝග කරමින් ඊමේල් පණිවුඩයක් එවා ඇත. ඊට විරෝධය පළ කිරීමත් සමඟම මේ පිරිස මාරු කර යවා ඇත.

ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ පිහිටි පාසල් වන ඇත්කඳුර සීවලි මහා විද්‍යාලය, ගනේගොඩ මහා විද්‍යාලය, හත්තක මහාවිද්‍යාලය, ඉඳිපලේගොඩ මහා විද්‍යාලය යන පාසල්වල මෙම විවෘත කිරීම් යොදා ගෙන ඇති බව ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස