ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානය ගැන සාකච්ඡාවකට ශ්‍රීලනිප සංවිධායකවරු කොළඹට!

October 3, 2019 at 4:32 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියලු දෙනා හෙට ( 04 ) දහවල් කොළඹට කැඳවනු ලැබ ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට දහවල් 12 ට පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා ආසන සංවිධායකවරුන් මෙසේ කැඳවා ඇතැයි වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ඇතිකර ගැනීමට යෝජිත දේශපාලන සන්ධානය, ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය ආදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා ඇතැයිද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස