එජාපයෙන් ඇල්පිටියට අල්ලස් වන්දනා ගමනක්! ගයන්ත සහ දයා ගමගේ අල්ලස් වන්දනාව පිටුපස! බස් එකොළහෙන් 01ක් මැතිවරණ කොමිසමට මාට්ටුයි!

October 3, 2019 at 10:36 am | by emanisa.lk

පසුගිය 01 වෙනිදාට යෙදුණු ලෝක වැඩිහිටි සහ ළමා දිනය වෙනුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වැඩිහිටි සමිතිවල සාමාජිකයන් වෙනුවෙන් දින 02 වන්දනා ගමනක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති පසුබිමක සංවිධානය කළ මෙම වන්දනා ගමන නීති විරෝධී අල්ලස් දීමක් බවට ඇල්පිටිය මැතිවරණ කාර්යාලය ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම බස් අතරින් එකක් වැඩිහිටියන් 60ක් සමග නවතා ගැනීමට කටයුතු කර තිබේ. එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් අදාළ එජාප ප්‍රාදේශීය නායකයන්ට දැඩිව අවවාද කර ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුවද බස් රථ 10ක් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ අවිත්තාව, ඉගල, බටුවන්හේන, ඕමත්ත ආදී ගම්වල වැඩිහිටින් දහසකට අධික පිරිසක් රැගෙන මෙම ගමන ගොස් තිබේ.

පිරිසට උවමනා ආහාර, නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් ඇතුළු සියල්ල නොමිලේ ලබා දී ඇති අතර අනුරාධපුර ප්‍රදේශයේ දී පිරිසට රාත්‍රී ආහාර ලබා දීමට බෙන්තර ඇල්පිටිය එජාප සංවිධායක වන ඇමති ගයන්ත කරුණාතිලක එකතු වී තිබේ.

එසේම මෙහිදී ප්‍රදේශයේ සියලු වැඩිහිටි සමිතිවලට රු. ලක්ෂයක මුදලක් ලබා දීමට ද පොරොන්දු වුවද එම මුදල මැතිවරණයට පසු දින ලබා දීමට පසුව තීන්දු කර තිබේ.

මේ සඳහා සියලු බරපැන දරා ඇත්තේ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ ගේ අමාත්‍යංශ අරමුදල්වලිනි. මෙවර ලෝක ළමා සහ වැඩිහිටි දිනයේ ප්‍රදේශයේ ළමුන්ට කෙසේ වුවද වැඩිහිටියන්ට ආණ්ඩුව බොහෝ තෑගි භෝග සන්තෝසම් ලබා දීමට කටයුතු කර ඇතැයි ද ප්‍රදේශයේ ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස