ආණ්ඩුවට ඡන්ද, ජලභීතිකාව හැදුණු බල්ලන්ට වතුර වගේ! – ගීතා කුමාරසිංහ

September 19, 2019 at 9:15 am | by emanisa.lk

ඇල්පිටිය ජනතාව වසර ගණනාවක් බලාගෙන සිටි ප‍්‍රාදේශීය සභා ඡන්දය වැළැක්වීමට ආණ්ඩුව ආපසු නඩුවක් දැමීමට කටයුතු සූදානම් කර ඇතැයි ද ඡන්දය කියන වචනය ආණ්ඩුවට ජලභීතිකාව හැදිච්ච බල්ලන්ට වතුර වගේ යැයි ද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ පවසයි.

ඈ මේ බව කියා සිටියේ ඊයේ (18 දා) පෙරවරුවේ ඇල්පිටිය නගරයේ පොදුජන පෙරමුණ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල යෙදෙන අතර මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.

“මේ මුළු ලංකාවම දන්නවා ඇල්පිටිය ජනතාවට ඡන්දය නුදුන්න එක අසාධාරණයක් බව. මේ ඡන්දයට නඩුවක් දාන්න කටයුතු සුදානම් කරලා කියලා දැනගත්තාම ඇල්පිටිය ජනතාව විශාල කම්පනයකට ලක්වෙලා. ඡන්දය එනකම් වසර ගණනාවක් බලාගෙන හිටියා. මේ ජනතාවට සේවාවක් කළ ප‍්‍රාදේශීය සභාව පටන් ගන්න විදිහක් නැහැ.

දිනන්න බැරි අය නොයෙකුත් උපක‍්‍රම යොදලා ඡන්දය නතර කරන්න කුමන්ත‍්‍රණ කරනවා. ආණ්ඩුවට මේ ඡන්දය කවදාවත් දිනන්න ලැබෙන්නේ නැහැ. මහ මැතිවරණයේදීත් ඡන්ද 13500 කින් එක්සත් ජාතික පක්‍ෂයට වඩා අපි ඉහළින් ඉන්නේ.

ප‍්‍රාදේශීය සභාවේ 2015 ඡන්දෙන් අපි සියයට 58.5 ක් ගත්තා. කවදා හෝ මේ ඡන්දය නොතිබ්බොත් ජනතාව පාරට බහින එක ස්ථීරයි. ආණ්ඩුවට ඡන්දය ජලභීතිකාව හැදිච්ච බල්ලන්ට වතුර වගේ. හැම වෙලාවෙම බලන්නේ ඡන්දයක් නොතියා ෂේප් එකක් කරගන්න. අධිකරණය ජනතාව වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කරාවි කියලා අපි විශ්වාස කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස