ඇල්පිටිය පොහොට්ටුව දිනලා ඉවරයි! 75%කට වඩා ප්‍රතිශතයකින් දිනනවා! – බැසිල්

September 14, 2019 at 8:18 am | by emanisa.lk

ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිටත් ජයග්‍රහණය කර අවසන් බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් පිරිසක් සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකදී ඔහු අවධාරණය කර ඇත්තේ පොහොට්ටුව ඇල්පිටියේදී අවම වශයෙන් 75%ක ඡන්ද ප්‍රතිශතයක් අත්පත් කරගන්නා බවය.

එක්සත් ජාතික පක්ෂය මේ වනතෙක්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් කිසිදු අවධානයක් යොමු නොකරන තත්වයක් තුළ ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තර ගැටුමම පොහොට්ටුවට ආශිර්වාදයක් වී තිබේ.

මාසයකටත් අඩු ඉදිරි කාලසීමාව තුළ ද ඔවුන්ට ජනමතය වෙනස් කෙරෙන යමක් සිදුකළ නොහැකි හෙයින් ඉතාම පහසුවෙන් මෙම ඡන්ද ප්‍රතිශතය පොහොට්ටුවට අත් කරගත හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ.

පසුගියදා ඇමති සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ පක්ෂයට ඇති අභියෝගය ජනාධිපති අපේක්ෂකයා නම් කර ගැනීම මිස ප්‍රාදේශීය සභා ඡන්දයක් නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස