ඇල්පිටියේ පුංචි ඡන්දෙට ඔක්තෝබර් 11! ආණ්ඩුව මැතිවරණය කල් දමන්න පොටක් සොයයි!

September 2, 2019 at 11:32 pm | by emanisa.lk

ඇල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තොම්බර් මස 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එම ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදුකරන දිනය ඇතුළත් අති විශේෂ ගැසටි නිවේදනය ගාල්ල තේරීම් බාර නිලධාරිවරයා විසින් අද (02) රාත්‍රීයේ නිකුත් කිරීමට නියමිතව තිබිණි.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තරඟ කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් එම මැතිවරණය පැවැත්වීම කල් ගොස් තිබිණ.

මෙම මැතිවරණය ඉදිරි ජනාධිපතිවරණයේ ජනමතය හැසිරීම පිළිබඳ හරස්කඩක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

එහෙයින් මෙම මැතිවරණය කල්දමා ගැනීමට ආණ්ඩුව උපක්‍රම සොයමින් ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස