යූඇන්පිය ඇල්පිටියෙන් 20% වඩා ගන්නවාමයි! පුළුවන් නම් 80%ක් අරන් පෙන්වන්න! – විජයමුණිගෙන් පොහොට්ටුවට අභියෝගයක්….

October 8, 2019 at 11:41 pm | by emanisa.lk

ඇල්පිටියෙන් හැකි නම් 80%ක් ඡන්ද ගෙන පෙන්වන ලෙස තමා පොහොට්ටුවට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

ඇල්පිටිය කැල්ලපත ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමට නම් සහාය ලබාදිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට බව සඳහන් කළ මන්ත්‍රීවරයා අමාත්‍ය ගයන්ත කරුණාතිලක තනි කිරීමට නොහැකි නිසාවෙන් පළාත් පාලන ආයතනය ජයග්‍රහණය කරවීම සඳහා උත්සහයක් ගැනීමට පැමිණි බවත් කියා සිටියේය.

හැකි නම් සියයට 80 ක් ඡන්දය ලබා ගන්නැයි තමා පොහොට්ටු පක්ෂයට අභියෝග කරන බවත් පැවසු මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය සිටී නම් ගෝඨාභය පසුපස නොයන ලෙසත් එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ට ඉඩක් නොමැති බවත් කියා සිටියේය.

නායකයෙකු අතින් වෙන පුංචි වරදක් අල්ලා ගනිමින් ඒ වරද පට්ට ගසන බවත් පැවසු විජිත් විජයමුණි සොයිසා මහතා, එය ජන ගත කරන තරම් රාජපක්ෂවරු පහත් තත්ත්වයට ඇඳ වැටී ඇතැයි ද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියේ, මෙම ස්ථානයට අගමැතිවරයාත් පැමිණීමට සිටි බවත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය අසාර්ථ වු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස