ආණ්ඩුවට රිංගන බදියුදීන්ගේ උත්සාහයට ජනපති පයින් ගසයි!

January 18, 2020 at 10:40 pm | by emanisa.lk

යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් ආණ්ඩුවට එක්වීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

රජයේ හිතවතුන් ගණනාවක් මුණගැසී ඇති හිටපු අමාත්‍යවරයා ඔවුන් මාර්ගයෙන් රජය සමඟ දේශපාලන ගනුදෙනුවකට උත්සාහ කළ නමුත් මෙතෙක් එම ගනුදෙනුවද සාර්ථක වී නැත. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ ප්‍රබලයෙක් සඳහන් කළේ රිෂාඩ් බදුයුදීන් රජයට එක්කර ගැනීමට මුලසිටම දැඩි විරෝධයක් පවතින බවය.

ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සම්බන්ධ පරීක්ෂණ රැසකට මුහුණ දෙමින් සිටී. එම පසුබිමේ රජයට සහාය පළකොට අදාළ පරීක්ෂණවලින් ගැලවී ඉදිරි මහ මැතිවරණය සඳහා අලුත් පිම්මක් පැනීම පිණිස මෙම උත්සාහය දරන බව එම ආරංචි මාර්ග කියයි.

කෙසේ වුවද මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී නොමැති හෙයින් ඔහුට ආපසු හැරීමට සිදුව ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස