ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරු නැතිවීම ප්‍රශ්නයක් නෙමෙයි! – රිෂාඩ්

December 6, 2019 at 5:16 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් නොසිටීම ගැටලුවක් නොවන බව හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ බහුතර සිංහල ජාතිය සමග බවත් ඔහුට උවමනා ආකාරයට ඇමති මණ්ඩලය පත්කරගත හැකි බවත් සඳහන් කළ හිටපු ඇමතිවරයා ඔවුන් තමන් ද ශ්‍රී ලාංකික ජනතාව ලෙස සලකමින් සමානව සලකන්නේ නම් එය ප්‍රමාණවත් බව ද සඳහන් කළේය.

විල්පත්තු වන විනාශය පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන ජනතා ඡන්දයෙන් තේරි පත්වූ ජනතා නියෝජිතයන් වන තමන්ට මඩ ගසන බව ද හෙතෙම පැවසීය.

අද (6) කොළඹ දී විදෙස් මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස