අපි බුදු සසුන රකින්න විහාර සංවර්ධනය කරනවා! නමුත් අවුරුද්දකට භික්ෂූන් දාහක් සිවුරු හැර යනවා! – බුද්ධ ශාසන ඇමති

March 18, 2019 at 8:34 am | by admin

භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පෙරවරුවේ මහනුවර දිගන ශ්‍රී වාළුකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

බුද්ධ ශාසන ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් ද ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ යම් යම් ගැටලු හේතුවෙන් වසරකට භික්ෂූන් වහන්සේලා දහසක් පමණ සිවුරු හැර යාමට පෙළඹි ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස