සම්බුදු සසුනට නිඝණ්ඨ සසුන කියන්න මුන්ට බලය දුන්නේ කවුද? – මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

June 29, 2019 at 10:39 pm | by emanisa.lk

පසුගියද රටේ අගමැතිවරයා ලංකාවේ ඇත්තේ නිඝණ්ඨ ශාසනයක් යැයි පැවසූ බවත් කළුතර පැත්තේ ඇමතිවරයෙක් ලංකාවේ සිටින්නේ ගණින්නාන්සේලා යැයි පැවසූ බවත් මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි.

වැලිවිට සංඝරාජා හිමියන්ට වස දුන් රටේ අගමැති මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳ පුදුම නොවන බව පැවසූ එහිමියන් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමට මොවුන්ට බලය දුන්නේ කවුදැයි පෙරළා ප්‍රශ්න කළේය.

මෙයට පෙර මල්වතු පාර්ශවය හොඳ බවත් අස්ගිරිය නරක බවත් කියා පෑමට අස්ගිරිය පැවත එන්නේ වනවාසයෙන් යැයි පැවසුවේ මේ අගමැතිවරයාම බව ද ධම්මරතන හිමි සිහිපත් කළේය. භික්ෂූන් වහන්සේලා තව දුරටත් නිහඬ නොවිය යුතු බවත් කෙළින් කතා කළ යුතු බවත් එහිමියන් අවධාරණය කළේය.

අද මතුගමදී පැවති දැයේ සමයේ සුරක්ෂාව උදෙසා හෙළ භික්ෂු වංශයේ පුනරාගමනය නම් විශේෂ සඝ සමුළුවට එක්වෙමින් එහිමියන් මෙම අදහස් දැක්වීය.

මල්වතු අස්ගිරි අනුනායක හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා ත්‍රෛනිකායික නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවේ දී රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම හා ඉස්ලාම් අන්තවාදය මුලිනුපුටා දැමීම අරමුණු කර ගනිමින් යෝජනාවලියක් ඇතුළත් ඓතිහාසික මතුගම සම්මුතිය එළිදැක්වීම ද සිදු කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස