තල්ගහගොඩ විහාරය වැනසුවේ එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක්?

January 26, 2019 at 1:32 am | by admin

ඓතිහාසික මාතලේ – ඇටිපොල – තල්ගහගොඩ රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා ඇතුළු මිල කළ නොහැකි පුරාවස්තු වස්තු සම්භාරයක් නිදන් ලබා ගැනීමේ අරමුණින් විනාශ කොට තිබේ. මාතලේ අළු විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන අවස්ථාවේ ඒ සඳහා අශ්‍ය තල් කොළ ලබා ගත් ප්‍රදේශය ලෙස මෙය ප්‍රසිද්ධය. මීට පෙර විහාරයේ චෛත්‍යයක් ද තෙවරක් නිදන් හොරුන් විසින් විනාශ කර දැමිණි. මේ වන විට සිද්ධියට සම්බන්ධ තරුණයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ අතරින් එක් අයකු එක්තරා ප්‍රධාන දේශපාලන පක්ෂයක අත් පළඳනාවක් සමග ගත් ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස