බෞද්ධ අන්තවාදීන් ක්‍රිස්තියානි පල්ලි 74කට පහර දීලා! – ඇමරිකානු වාර්තාවක් හෙළි කරයි…..

July 4, 2019 at 3:34 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දෙව්මැදුරු 74කට ප්‍රහාර එල්ල වී ඇති බවත් සිංහල ජාතිවාදී සංවිධාන ඒවා මෙහෙය වන බවටත් ඇමරිකානු ආගමික කටයුතු වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ. සිංහල අන්තවාදී කල්ලි හමුදාව සමග එක්ව හින්දු සහ මුස්ලිම් ප්‍රදේශවල බෞද්ධ විහාර ඉදිකරන බව ද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

ඊයේ (03) නිකුත් වූ මෙම වාර්තාවෙන් ඇමරිකාව ආගමික කටයුතු උදෙසා මෙරට රාජ්‍ය නොවන සංවිධානයකට අරමුදල් සපයන බව ද හෙළි වී තිබේ. ඇමරිකානු තානාපතිනිය නිරතුරුව ජනපති අගමැති හමුවෙමින් ආගමික සහජීවනය උදෙසා කටයුතු කරන බවත් පිටු 16කින් සමන්විත එම වාර්තාව මගින් හෙළි කර තිබේ.

කෙසේ වුවද මෙම වාර්තාවේ උතුරු නැඟෙනහිර බෞද්ධ වෙහෙර විහාරවලට සිදුවන කෙනෙහිලිකම්, පුරාවස්තු සංහාරය හෝ බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැර පිළිබඳ කිසිවක් ඇතුළත් නොවේ. මෑතක ඉස්ලාම් අන්තවාදීන් කතෝලික සහ ක්‍රිස්තියානි දෙව්මැදුරු තුනකට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය පිළිබඳව ද එහි සඳහන් නොවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස