ලන්දේසී පැහැරගත් සිංහල කාලතුවක්කුවක් නැවත ලංකාවට ලැබෙයි!

March 12, 2019 at 5:45 pm | by admin

ලන්දේසි (වර්තමාන නෙදර්ලන්තය) ශ්‍රී ලංකාවෙන් පැහැර ගෙන ගොස් සිය කෞතුකාගාරවල තැන්පත් කර ඇති පුරාවස්තු නැවත ලබා දීමට නෙදර්ලන්තය ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් වෙයි. ඒ නෙදර්ලන්තය අතීතයේ විවිධ රටවලින් පැහැරගත් පුරාවස්තු නැවත ඒවා අයිති රටවලට ලබා දීමට ඔවුන් ගත් තීන්දුවත් සමගය. ලන්දේසී 1640 සිට 1796 දක්වා ලංකාව පාලනය කළේය.

මේ අනුව ලන්දේසී අපේ රටෙන් 1775 කළ සටනක දී පැහැර ගෙන නෙදර්ලන්තයේ ඇමෙස්ටර්ඩෑම් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කාලතුවක්කු අනුරුවක් නැවත ලබා දීමට සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙම කාල තුවක්කු අනුරුව ලබා ගැනීමට 1980 වසරේ දී ද සාකච්ඡා කර තිබේ. මේ වන විට ඉතියෝපියාව පවා සිය රටට අයිති පුරාවස්තු කිහිපයක් නෙදර්ලන්තයෙන් නැවත ලබා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස