අනවසර ඉදිකිරීම් ඉවත් කරන නිලධාරීන්ට මරණ තර්ජන! එජාප ජාතික සංවිධායක නවීන් මැර කල්ලියක් සමග යකා නටයි!

February 22, 2020 at 11:24 pm | by emanisa.lk

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ සංවේදි පරිසර කලාපයක ඉදිකර තිබූ, නීතිමය බදු කාලසීමාවද අවසන් වූ අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට ගිය පරිසර බලධාරීන් සහ පොලිස් නිළධාරීන් දැඩි අසීරුතාවකට මුහුණ දී තිබේ.

එම අනවසර ඉදිකිරීම සිදු කළ ව්‍යාපාරිකයා දැඩි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු සහ එජාප නුවරඑළි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප ජාතික සංවිධායක නවීන් දිසානායකගේ සමීපතම ගෝලයෙකු වීම ඊට හේතුවය.

මෙම ව්‍යාපාරිකයා මැතිවරණ කටයුතු උදෙසා එජාප මන්ත්‍රී නවීන් දිසානායකට මුදල්, වාහන සහ අංගාරක්ෂකයන් පවා සැපයූ පුද්ගලයෙකු බවත් ආරංචි මාර්ග කියා සිටියි.

වරඑළිය දිස්ත්‍රීක්කයේ සංවේදි පරිසර කලාපයක ඉදි කළ අනවසර ඉදිකිරීම සිදුකර ඇත්තේ එම එජාප ව්‍යාපාරිකයාටය.

අදාළ ඉදිකිරීම ඉවත් කරන ස්ථානයට කඩා වැදුණු නවීන් දිසානායක පොලීසියට සහ පරිසර නිළධාරීන්ට තර්ජනය කරමින් සිය දේශපාලන සහචාරයාගේ අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට එරෙහිව සිය බලය අවභාවිත කරනු දැක ගත හැකිවිය.

එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් අනවසර ඉදිකිරීම ඉවත් කිරීම වැවැළැක්වීමට නවීන් දිසානායකගේ සහ අවන්හල් හිමිකරුගේ කැඳවීමෙන් පිරිසක් සූදානමින් සිටිනුද දැක ගත හැකිවිය.

කෙසේ වෙතත් මෙම සංවේදි පරිසර කලාපයක, පරිසරය දූෂණය කරමින් ඉදිකර ඇති අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට නවීන් දිසානායක මන්ත්‍රීවරයා සහ අවන්හල් හිමියා මැර බලය භාවි කරමින් කටයුතු කරනවා නම් ජනපති ගෝඨාභය රාජපක්ෂ වහාම මැදිහත් වී මෙම අනවසර ඉදිකිරීම ඉවත් කළ යුතු බවට සමාජජාලා මාධ්‍යයන්හි අදහස් පළව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස