13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතුයි! – ඇමති නවීන් උතුරේ දී කියයි….

August 13, 2019 at 11:31 am | by emanisa.lk

13 වන සංශෝධනයේ ඇති සියලු බලතල දෙමළ ජනතාවට ලබා දිය යුතු යැයි තම පෞද්ගලික විශ්වාසය බව අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

අමාත්‍යවරයා මුලතිව්හි පැවති උත්සවයකදී මේ අදහස් පල කළේය.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් ගැන සිංහල දේශපාලන නායකයින් විසින් සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් ගැන සිංහල දේශපාලන නායකයින් විසින් සොයා නොබලන්නේ නම් අනාගතයේදී විශාල ගැටළුවකට මුහුණ දීමට සිදුවන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස