කඩොලාන වනසන්න දෙන්න බෑ! නිලධාරිනියගේ කරුණු දැක්වීම හරි! ඈ වෙනුවෙන් මම පෙනී ඉන්නවා! -ඇමති එස්.එම්. චන්ද්‍රසේන

February 13, 2020 at 8:06 am | by emanisa.lk

කඩොලාන භූමියේ ක්‍රීඩාපිටියක් පවත්වා ගෙන යාම සඳහා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත අවසර ඉල්ලා ඇත්තේ නොදන්නකමට විය හැකි බව පරිසර වනජීවී සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

වනජීවී නිලධාරිනිය එහිදී සිදුකරන්නේ කඩොලාන පරිසර පද්ධතිය විනාශ කළ විට මතුවන ආදීනව පිළිබඳ ඒ පිළිබඳ නොදත් ජනතාව සහ දේශපාලකයන් දැනුම්වත් කිරීම බවත් එය නිලධාරිනියගේ වගකීම බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙම සිද්ධිය පදනම් කරගෙන නිලධාරිනියට කිසිදු තර්ජනයක් හෝ අකටයුත්තක් වීමට ඉඩක් නොමැති බවත් තම අමාත්‍යංශය සහ දෙපාර්තමේන්තු යටතේ සිටින සියලු නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස