උඩරටින් ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ සිහිනය මම සැබෑ කරනවා! – නවීන්

August 2, 2019 at 12:44 pm | by emanisa.lk

උඩරට ප්‍රදේශයෙන් මෙතෙක් ජනාධිපතිවරයකු පත් වී නැති බවත් එම සිහිනය සැබෑ කිරීමට තමා උත්සාහ කරන බවත් ඇමති නවීන් දිසානායක පවසයි.

“මේතාක් කලක් උඩරටින් ජනාධිපතිවරයෙක් බිහිවෙලා නැහැ. උඩරටින් බිහිවෙන්න සිටි ජනාධිපති මගේ තාත්තා ගාමිණි දිසානායකයි. ඒ සිහිනය සැබෑ කරගන්න මම උත්සාහ ගන්නවා”

“උඩරටින් ඡන්දය අරගෙන පහත රට ජනාධිපතිවරුන් තමයි මෙතෙක් බිහි වුණේ. ඇතැම් ජනාධිපතිවරු උඩරට දිහා බැලුවෙ නැහැ. මගේ තාත්තාට උඩරටින් ජනාධිපති වෙන්න තිබුණා. ඒක බැරිවුණා. ඒ සිහිනය සැබෑ කරගන්න මම උත්සාහ කරනවා. හැබැයි ඉතින් ඒකට තව අවුරුදු දහයක්වත් ගතවේවි.”

අමාත්‍ය නවීන් දිසානායක එසේ පැවසුවේ කොත්මලේ නියම්ගම්දොර විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස