ලංකා භූමි පුත්‍රයෝ දාහක් හදන්න කැපවෙනවා!

February 12, 2019 at 12:37 pm | by admin

මැලේසියා ජනතා නායකයා භූමි පුත්‍ර සංකල්පය යටතේ රටට ආදරය කරන ව්‍යවසායකයන් දහස් ගණනක් නිර්මාණය කළා මෙන් ලංකා භූමි පුත්‍රයෝ දහසක් නිර්මාණය කිරීමට කැපවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පොල් සංවර්ධන අධිකාරිය එක්ව අනුරාධපුර, ඉපලෝගම, හිරිපිටියාගම සහ කාගම පාර යන ස්ථානවල ඉදිකළ දිසිදි පොල් කාර්මාන ශාලා විවෘත කිරීමේ අවස්ථාවේදීය.

අමාත්‍යවරයා එහිදී මෙසේද කීය.

පොල් කියන්නේ අද සුපර් ෆූඩ් එකක්. විශේෂිත වූ ආහාරයක්. බටහිර ලෝකයේ පොල්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. පද්මලාල් මහතා කරන නිෂ්පාදන අපි දැක්කා. ඒවා ඉතාමත් කාලෝචිත නිෂ්පාදන. ඔහු අපේ රටට සම්පතක්. අපේ රටින් ඉගෙන ගෙන විදේශගත වුණත් ලංකාව අමතක නොකළ සැබෑ භූමි පුත්‍රයෙක්. ඒකයි මුල අමතක නොකර මෙවැනි කර්කශ ප්‍රදේශයකට ඇවිත්, දුගී දුප්පත් අපේ අසරණ ජනතාවගේ විරැකියා ගැටලුවක් විසඳමින් මේ කර්මාන්ත ශාලාව නිර්මාණය කරන්නේ.

මාඕ සේතුන්ගේ ප්‍රාර්ථනය මල් දාහක් පිපේවා යනුවෙනි. මගේ දර්ශනයත් ඒකයි. මටත් ඕනේ මේ ලංකාවේ භූමි පුත්‍රයෝ දාහක් නිර්මාණය කරන්නයි. අපි මේ ලංකාවේ භූමි පුත්‍රයෝ 1000කට පිපෙන්නට අවකාශය ලබා දෙන්න ඔවුන් හරහා ආර්ථික වර්ධනයක් ඇති කරන්න දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට තෝරා ගෙන ඒ භූමි පුත්‍රයන්ට අවශ්‍ය බැංකු පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ හරහා ඉතාමත් ඉක්මනින් මේ රට දියුණු කරන්න අපිට පුළුවන් වේවි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *