ඇමති දිගම්බරන් සහ ඇමති නවීන් ගැටෙයි! ඇමති ධුරය අතහැර දිගම්බරන් ගෝඨා වෙත?

October 28, 2019 at 11:10 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී ඇමති පලනි දිගම්බරන්ගේ සහය ගෝඨාභය රාජපක්ෂට හිමි වන බවට වාර්තා පළවෙයි. ඇමති
දිගම්බරන් අද (28) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද හමු වී තිබේ.

ඇමතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ වතු කම්කරුවන් සඳහා ගෙවීමට නියමිත තිබූ දීපවාලී උත්සව දීමනාව ලබා දීමට ඇමති නවීන් දිසානායක විරෝධය පළ කිරීමත් සමඟය.

එමෙන්ම වතු කම්කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ද නිසි ප්‍රතිචාර නොදැක්වීම ඔහුගේ දැඩි තීන්දුවට හේතුවක් වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස