එජාප නායකත්ව සටනට දයා සහ නවීන්! කරූ සජිත් සීතල යුද්ධයක! රනිල් අපරාජිතව ඉහළින්ම!

January 5, 2020 at 9:04 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට ඉදිරිපත් වී තිබෙන යෝජනාවට විරුද්ධව මත කිහිපයක් ඉදිරිපත් වී තිබීම නිසා අර්බුදකාරී තත්ත්වයකට ලක්ව ඇත.

එජාප ඇතැම් පිරිස් මෙම යෝජනාවට සහාය පළ නොකිරීම හේතුවෙන් නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස නවීන් දිසානායක හා දයා ගමගේ ගේ නම්ද යෝජනා කිරීමට සූදානම් වෙමින් සිටී.

පිරිසක් යෝජනා කරන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ නායකත්ව මණ්ඩලයක් මගින් පක්ෂ අර්බුදය විසඳාගෙන බවය.

තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ නායකත්ව මණ්ඩලයට තදින් විරුද්ධ බවත් පක්‍ෂ නායකත්වය මහ මැතිවරණයට පෙර සජිත් ප්‍රේමදාසට ලබා දිය යුතු බවත්ය. තවත් පිරිසක් පවසන්නේ පක්ෂ නායකත්වය කරූ ජයසූරියට ලබාදිය යුතු බවය.

කෙසේ නමුත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව 2025 වන තුරු පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ කටයුතු කිරීම සඳහා පක්ෂ මහ සමුළුවේ දී යෝජනාවක් සම්මත කර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස