අධ්‍යාපන සුදුසුකම් නැති නවීන්ගේ සභාපති ලැයිස්තුවම ජනපති හරවා යවයි!

January 28, 2019 at 12:56 pm | by admin

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් සිය අමාත්‍යංශයට අයත් රාජ්‍ය ආයතන 14 සඳහා නිර්දේශ කළ ආයතන ප්‍රධානීන් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ ඒ ආයතන සඳහා පත් කළයුතු ප්‍රධානීන්ගේ ලේඛනය ඇමතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති අතර එම කිසිදු පත්කිරීමක් සිදු කිරීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ සඳහා හේතු වී තිබෙන්නේ එම තනතුරු සඳහා ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් නොමැති වීම නිසාවෙනි. මෙලෙස අධ්‍යාපන සුදුසුකම් නොමැතිව සභාපති තනතුරුවලට සිදු කර ඇති පත් කිරිම් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම සමාජ ජාල තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස