දිගම්බරම් නවීන් කැබිනෙට්ටුවේ ගැටෙති! “ඡන්දෙදි බලාගමු!” දිගම්බරම් තර්ජනය කරයි…

July 31, 2019 at 11:49 am | by emanisa.lk

වතු කම්කරුවන්ට රජයෙන් වැඩිකළ රුපියල් 50 ක දෛනික මුදල ලබාදීම සම්බන්ධයෙන් අද (30) පැවැති කැබිනට් රැස්වීමේදී වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක සහ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් අතර මත ගැටුමක් ඇති වූ බව වාර්තාවේ.

වතුකම්කරුවන් රජයෙන් වැඩිකළ රුපියල් 50ක මුදල ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 600 ක මුදලක් මාස 6ක් සඳහා ලැබී ඇති අතර එම මුදල වතු කම්කරුවන්ට බෙදීම පලනි දිගම්බරම්ගේ අමාත්‍යාංශයට බාර දෙන්නැයි ඇමැති නවීන් දිසානායක කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති පලනි දිගම්බරම් ඇමැතිවරයා අදාළ මුදල ගෙවිය යුත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් බැවින් එය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට යවන්නැයි ඉල්ලා ඇත.

ඒ අවස්ථාවේ ඇමැති නවීන් දිසානායක පවසා ඇත්තේ තමාගේ පඹයෙකු පුළුස්සා වතුකරයේ විරෝධතාවක් පවත්වා ඇති බවත් එවන් තත්ත්වයක් තුළ තමාට මෙම මුදල ගෙවිය නොහැකි බවත්ය.

එම විරෝධතාව පවත්වා ඇත්තේ ආණ්ඩුවට විරුද්ධව බව පැවසූ දිගම්බරම් “ඡන්දයේදී අපි බලාගමු” යැයි සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස