වතු කම්කරු වැටුප වැඩි කරන්න රුපියලක් නොදුන් තේ මණ්ඩලෙන් නුවරඑළිය වසන්ත සැණකෙළියට මිලියන 10ක් දීලා!

April 18, 2019 at 9:09 pm | by admin

වාර්ෂිකව පැවැත්වෙන නුවරඑළිය වසන්ත සැණකෙළිය මෙවරත් අප්‍රේල් මස 01 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙන ඒ සඳහා විදුලි ආලෝකකරණ බරපැන සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය රු. මිලියන 10ක් ලබා දී තිබේ.

අමාත්‍ය නවීන් දිසානායක යටතේ පවතින තේ මණ්ඩලය මෙවැනි කටයුතු සඳහා මිලියන ගණනින් මුදල් වෙන් කළ ද වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු. 1000ක් දක්වා වැඩි කිරීම සඳහා අවශ්‍ය ඉතිරි ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කළේ නැත. ඒ සඳහා රු. 50ක් අනුග්‍රහයක් ලබා නොදුන් තේ මණ්ඩලය වසන්ත සැණකෙළිය සඳහා මිලියන 10ක් නොමසුරුව ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ තේ වගාව ප්‍රවර්ධනය සහ තේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම වෙනුවවට තේ මණ්ඩලය මෙවැනි කටයුතුවලට ප්‍රතිපාදන වෙන් කරන අතර රුසියාවට කුරුමිනියකු අඩංගු තේ තොගයක් යැවීම නිසා ශ්‍රී ලංකා තේ නාමයට මහත් අපකීර්තියක් අත්කර දී වැඩි කාලයක් නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *