පොරොන්දු වූ රු. 50 තවම ලැබී නෑ! මනෝ උපවාසයකට සැරසෙයි!

August 22, 2019 at 10:51 am | by emanisa.lk

වතුකම්කරු දෛනික වැටුපට රුපියල් 50ක මුදලක් ගෙවන බවට 2019 අයවැය යෝජනා මගින් දෙන ලද පොරොන්දුව මේ වන විටත් ඉටු කර නොමැති බව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය චෝදනා කරයි.

එම සන්ධානයේ නායක ඇමැති මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක හා අගමැති රනිල් වික්‍රමසිංහ සමග කළ සාකච්ඡාවලින් අනතුරුව වතු කම්කරු දෛනික වැටුපට රුපියල් 50ක් ලබාදීමට එකඟතාව පළ කරමින් 2019 අයවැය යෝජනා සඳහා ඇතුළත් කළ බවය.

එහෙත් පසුගිය මැයි මාසයේ සිට රජයෙන් ලබාදීමට පොරොන්දු වූ රුපියල් 50ක මුදල මැයි, ජුනි හා ජූලි මාසවල වැටුප්වලට පවා එකතු කොට නොමැති බවද ඔහු පැවසීය. වතුකම්කරු දෛනික වැටුපට එකතු කරන බවට පොරොන්දු වූ රුපියල් 50ක මුදල අගෝසතු මස වැටුපට හිඟ මුදල්ද සමග ලබාදීමට කටයුතු නොකරන්නේ නම් වතු කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් අඛණ්ඩ උපවාසයක් දියත් කිරීමට ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය තීන්දු කොට ඇති බවද ඇමැතිවරයා කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස