අද වගේ ස්වාධීන අධිකරණයක් ඕන නම් 19 රැකගන්න ඕන! – අනුර (video)

March 14, 2020 at 8:46 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2/3 බලයක් ඉල්ලා සිටින්නේ 19 වෙනි සංශෝධනයෙන් අගමැතිවරයාට ලබා දී ඇති බලතල නැවත ජනාධිපතිවරයා යටතට ගැනීම පිණිස නොවන බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවට පැවරී ඇති අධිකරණයට විනිසුරුවරුන් සහ නීතිපතිවරයා පත් කිරීමේ බලය නැවත ජනාධිපති යටතට ගැනීමට බව හෙතෙම පෙන්වා දෙයි.

අද අධිකරණ විනිසුරුවරුන්ට සහ නීතිපතිවරයාට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ලැබී ඇත්තේ එම තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේ බලය ව්‍යවස්ථා සභාවට බවත් මෙම ස්වාධීනත්වය රැක ගැනීමට නම් 19 වෙනි සංශෝධනය ආරක්ෂා කරගත යුතු බවත් අනුර දිසානායක අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස