19 අඩුපාඩු හදාගන්න සහාය දෙන්න සූදානම්! විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර සමතුලිතතාවක් ඕන! – හකීම් කපන්න බැරි අත සිඹියි….

December 2, 2019 at 9:06 am | by emanisa.lk

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳ සාකච්ඡාවකට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එහි නායක රවුෆ් හකීම් පවසන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර සමතුලිතාවක් පැවතීම අවශ්‍ය බවත් ඒ සඳහා 19 වෙනි සංශෝධනයේ වෙනස්කම් කිරීමට උවමනා නම් ඊට සහාය ලබා දීමට සූදානම් බවත් හෙතෙම අවධාරණය කරයි.

පසුගිය ආණ්ඩු සමයේ දෙමළ ජාතික සන්ධානය සමග එක්ව හකීම් ප්‍රකාශ කළේ 19 වෙනි සංශෝධනය අහෝසි කිරීමේ සටන පරාජය කරන බවය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ එළඹෙන මහා මැතිවරණයේ දී 2/3ක බලයක් ලැබුණහොත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර දමන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස