නැට්ට විසින් බල්ලා නටවන සන්ධානවලට අපි සූදානම් නෑ! යෝජිත පෙරමුණු ව්‍යවස්ථාවට සංශෝධන රැසක් ඉල්ලයි! ඇමති අජිත් පී. අගමැති රනිල්ට භාර දුන් ලිපිය මෙන්න!

August 2, 2019 at 11:26 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය උදෙසා එජාපය එළඹෙන 05 වෙනිදා අත්සන් කිරීමට සූදානම් වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන ව්‍යවස්ථාවට ඊයේ (01) එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැඩි විරෝධය එල්ල වී ඇති අතර එහිදී අගමැතිවරයා කළ යෝජනාව අනුව ඇමති අජිත් පී. පෙරේරා ඊයේම ඒ සඳහා සංශෝධන ලිඛිතව ඉදිරිපත්කර තිබේ.

එම ලිපියේ සඳහන් ආකාරයට සන්ධාන මහ ලේකම් ධුරය එජාපයට හිමි විය යුතු අතර නව පෙරමුණේ ලිපිනය සිරිකොත විය යුතු අතර විධායක කමිටුවේ තීරක බලය සහ නායකත්ව මණ්ඩලයේ බහුතර බලය එජාපයට හිමි විය යුතුය. එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ද සමන්විත කමිටුවකින් තෝරාගත යුතුය.

මෙම ලිපිය ඊයේ දිනයේම එජාප සභාපති කබිර් හෂීම්ට භාර දී ඇති බවත් ඔහු එය එක්සත් ජාතික පෙරමුණු නායකත්ව මණ්ඩලයේ සාකච්ඡාවට යොමු කිරීමට පොරොන්දු වී ඇති බව ද වාර්තා වෙයි.

මෙම නව සන්ධානය තුළ එජාපයේ බලය අහිමි වන බවත් සියලු තීන්දු තීරණ ගැනීමේ අයිතිය නව සන්ධානයේ නායකයන් වෙත හිමි වන බවත් සජිත් පාර්ශවයේ අදහස වී තිබේ.

ජනාධිපති අපේක්ෂකයා තේරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සතු බලය ද නව සන්ධාන නායක මණ්ඩලයට හිමි වෙයි.

යෝජිත ව්‍යවස්ථාව අනුව අදාළ නව පෙරමුණේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරන එකම එජාප සාමාජිකයා අගමැති රනිල් වික්‍රමසිංහය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස